සූර්ය බල සංග්‍රාමය - The Battle for Solar Energy

සුර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රගතිශීලි හැරවුම සමඟ ඔබත් එක්වන්න.


ශ්‍රී ලංකා ජනරජය විසින් බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ඉදිරිපත් කරන ලද නව යෝජනාවක් වශයෙන් ක්‍රියාත්මක වන සුර්ය බල සංග්‍රාමය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ නව මුහුණුවරක් ගන්නා පෙරලියක් බවට පත්වී ඇත. වසර 2050 වන විට දිවයිනේ සමස්ත බලශක්ති නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්තිය හරහා ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. සුර්ය බල සංග්‍රාමය මගින් ලක් වැසියන්ට බලශක්ති නිෂ්පාදනයේ කොටසරුවන් වීමට අවකාශය උදා වී ඇත.

ගෘහස්ත, කාර්යාලීය හෝ කර්මාන්ත ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති නිෂ්පාදනය පමණක් නොව එමගින් ස්ථීර මාසික ආදායමක්ද ලබා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් දියත් කොට ඇත. සෙවන සඳහා පමණක් මෙතෙක් ඔබ විසින් භාවිතා කරන ලද ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වහලය භාවිතා කරමින් සුර්ය පැනල සවි කොට එමගින් නිෂ්පාදනය වන විද්‍යුතය ඔබගේ නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් නොව මෙම විද්‍යුතය ජාතික විදුලි පද්ධතියට ලබා දීමෙන් මාසික ආදායමක්ද ලබා ගත හැක

සුර්ය බල සංග්‍රාමයේ ප්‍රධාන අංශ 3ක් ඇත. ඒවානම්. ඔබගේ විදුලි පරිභෝජන රටාව හා කැමැත්ත අනුව සුදුසුම යෝජනා ක්‍රමය තෝරාගත හැක.

නෙට් මීටරින් (NET METERING)

මෙය සාම්ප්‍රදායික ක්‍රමය වශයෙන් හඳුන්වා දිය හැක. මෙමගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් නිපදවන විදුලිය ඔබ විසින්ම භාවිත කර ඔබගේ මාසික විදුලි බිල්පත "0" දක්වා අඩු කරගැනීමේ හැකියාව ඇත.


නෙට් අකවුන්ටින් (NET ACCOUNTING)

මෙම ක්‍රමය මගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් නිපදවන විද්‍යුතය ඔබගේ මාසික අවශ්‍යතාවයට වඩා වැඩිනම්, එම අතිරික්තය පමණක් ජාතික පද්ධතියට ලබා දී ඔබ ලබා දෙන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ලබා ගත හැක.

නෙට් ප්ලස් (NET PLUS)

මෙම ක්‍රමය මගින් ඔබගේ සුර්ය බල පද්ධතිය මගින් ජනනය කරන විද්‍යුතය ඔබගේ භාවිතයෙන් තොරව සම්පුර්නයෙන් ජාතික පද්ධතියට අලෙවි කොට මාසික ස්ථීර ආදායමක් ලබා ගත හැක.


මෙම ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

  1. ඔබ තෝරාගන්නා ක‍්‍රමය අනුව විදුලි බිල සඳහා වැයවන මුදල සම්පුර්ණයෙන්ම උපයා ගත හැකි වීම.
  2. වසර 7ක් තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක සහනදායි ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.
  3. ජාතික විදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්ය විදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම.
  4. සුර්යබල සංග‍්‍රාමයේ ඉදිරිපත්කොට ඇති යෝජනා ක‍්‍රම තුනෙන් එක ක‍්‍රමයකට අනුගතව දිවයියන් ඕනෑම ස්ථානයක විදුලි පාරියභෝගිකයෙකුට ප‍්‍රතිලාභ ලැබිය හැකි වීම.

මෙම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ

  1. සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප‍්‍රභවයක් බැවින් ගල් අගුරු හා පොසිල ඉන්ධන සඳහා වැය වන විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ඉතිරි වේ.
  2. පරිසර හිතකාමි සූර්ය බලශක්ති භාවිතය මගින් වාර්ෂිකව මෙ.ටො. 150,000 ක පමණ CO2 වායු විමෝචන ඉතුරුවක් සිදුවේ.
  3. කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර දිවයින පුරා විසිරි ඇති බැවින් විදුලි බලශක්තියේ සමතුලිතතාවයට අවම බලපෑමක් ඇති කරයි.
  4. විදුලිබල සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීමේ හානි අවම වේ.
  5. දැනුවත් ප‍්‍රජාවක් හා පරිසර සංරක්ෂණයට යොමු වු ජනතාවක් විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයක්.
  6. වර්ෂ 2025 වන විට ජාතික බල පද්ධතියේ 1000 ඵල ධාරිතාවක් සූර්ය බලශක්ති විදුලි බලය මගින් ලබාදීම.

මේ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද ?

  • ඔබේ නිවස හෝ ආයතන පරිශ‍්‍රය සඳහා තාක්ෂණ හා ආයෝජන ඇගයීම් වාර්තාවක් සකස් කර ගැනීම.
  • බැංකු ණය අවශ්‍යනම් අදාළ වාර්තාව ණය අනුමැතිය සඳහා යොමු කිරීම.
  • ණය අනුමත වූ වාර්තාවට අනුකූලව අදාළ තාක්ෂණ ආයතනය හරහා පද්ධතිය ස්ථාපනය කර ගැනීම.
  • නිෂ්පාදනය වන බලශක්ති හුවමාරුව සඳහා රාජ්‍යය විදුලිබල සැපයුම්කරු සමඟ ගිවිසුම් ගත වීම.